දේශීය පුවත්
ජනාධිපති සමාව ලැබූ සිරකරු ගැන බන්ධනාගාරයෙන් අමුතු කථාවක්..
(සාලිය සමන්)
අනුරාධපුර මහාධිකරණයේ නියෝගයෙන් සිරගත කර සිටියදී පොදුසමාව ලැබූ විජේකෝන් මුදියන්සේලාගේ අතුල තිලකරත්න නැමැති සිරකරුට ලැබුණු සමාව කිසිසේත් එම පුද්ගලයා කේන්ද්රකරගෙන සිදුවූවත් නොවන බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එම පොදුසමාව පොදුවේ සිරකරුවන්ට පිරිනැමූ සමාවක් බවත් පසුගිය මැයි මස 12 වැනි දිනට යෙදී තිබූ වෙසක් පොහොය වෙනුවෙන් මැයි මස 5 වැනිදා වන විට බන්ධනාගාරගතව සිටි රැදවියන් සඳහා පොදුසමාව පිරිනැමීමේ කොන්දේසියට යටත්ව ක්රියාත්මක කළ බවත් ඒ මහතා කීය.
එම සිරකරු ගෙවීමට තිබෙන දඩ මුදල් අහෝසි වීම මත නිදහස් රිමාන්ඩ්ව සිටි බව කී බන්ධනාගාර මාධ්ය ප්රකාශකවරයා ඔහුට පැවති නඩුවට ඇප අස්සන් කළ බවට නියෝගය අනූව මහාධිකරණයට ඉදිරිපත් කර මුදාහැරි බවත් මාධ්ය ප්රකාශකවරයා සඳහන් කළේය.
අනුරාධපුර මහාධිකරණය එම පුද්ගලයා ලංකා දණ්ඩනීතී සංග්රහයේ 386 වගන්තිය උල්ලංඝනය කිරීම හේතුවෙන් බන්ධනාගර ගතකර ඇති බවත් ගෙවීමට නියම කර ඇති මුදල වන රුපියල් ලක්ෂ 20ක වන්දි මුදල දඩයක් ලෙස ගෙවන ලෙස අධිකරණය නියමකර ඇති අතර එම දඩය නොගෙවන්නේ නම් මාස 6 ක බරපතල වැඩ සහිතව සිර දඩුවම් නියම කර ඇති බවත් බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් කර තිබේ.
බරපතල මූල්ය වංචාවකට වැරදිකරුවී ඇතැයි කියන අදාල සිරකරු වෙසක් පොහොය වෙනුවෙන් ක්රියාත්මක කළ ජනාධිපති පොදුසමාව යටතේ නිදහස් කිරීම පිළිබඳව සමඟි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී නීතිඥ අජිත් පී. පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී අද (6) හෙළිකිරීමත් සමඟ ආන්දෝලනාත්මක තත්වයක් උද්ගත වී තිබේ.


