මාලිමාවට ඡන්දය දුන් කොළඹ මන්ත්‍රිනිය ගෙදර යවයි

(සාලිය සමන්) කොළඹ මහ නගර සභාවේ අයවැය සම්මත කිරීමේ දෙවැනි ඡන්දයේදී පක්‍ෂව ඡන්දය දුන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රිනී මොහමඩ් බුහාරි ෆාතිමා සොහාරා මහත්මියගේ මන්ත්‍රී ධූරය අහෝසි කර තිබේ. කොළඹ මහ නගර සභාවේ තේරීම් භාර නිලධාරී පියුමි ආටිගල මහත්මිය ගැසට් නිවේදනයක් නිකුත් මන්ත්‍රී ධූරය අහෝසි කිරීම ප්‍රසිද්ධ කර තිබේ. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් පක්‍ෂයේ සාමාජිකාවක් වන සොහාරා බුහාරි මහත්මියගේ එම පක්ෂ සාමාජිකත්වය අවසන් කර තිබීම නිසා එම සභාවේ ඇයගේ සභික ධුරය ඇය විසින් අතහැර ඇති බව එම ගැසට් නිවේදනයේ සඳහන් වේ. අයවැය ඡන්දයේදී පක්ෂය දුන් උපදෙස්වලට පටහැනිව ජාතික ජන බලවේගයට පක්‍ෂව ඡන්දය පාවිච්චි කිරීම හේතුවෙන් ඇයට විරුද්ධව පක්ෂයේ ලේකම් ජනාධිපති නීතිඥ පාර්ලිමේන්තු මන්ත්‍රී නිසාම් කාරියප්පර් විනය ක්‍රියාමාර්ග ගැනීම නිසා මෙම තත්වය උද්ගත විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.