(සජිත් චමින්ද)
රැඳවුම් භාරයේ සිටි පාතාල කල්ලි නායක
නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් ‘හරක්කටා’ ට සහන සැලසීමට රුපියල් කෝටි 12ක අල්ලසක් ලබාගත්තේ යැයි කියන සිද්ධිය සම්බන්ධය පළමු වරට
කරුණු අනාවරණය කළ Youtube නාලිකාවක හිමිකරුවෙකුට එරෙහිව හිටපු ඇමති විජයදාස රාජපක්ෂ මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇතැයි අධිකරණයේදී ඊයේ (25) හෙළිවී තිබේ.
අදාල හෙළිදරව්ව සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව පොලිසිය මගින් නාලිකාවේ හිමිකරුට එම අධිකරණය තුළ ඔන්ලයින් පනත යටතේ නඩු පවරා ඇති බවත් සිය පුතා සම්බන්ධයෙන් නාලිකාවෙන් හෙළිකර පසු එම youtube නාලිකාව අසභ්‍ය ප්‍රකාශ කරනවා යැයි එම අධිකරණය තුළ දෙවතාවක් මෙම පැමිණිල්ල කැඳවා ඇති බවත් හෙළිවිය.


