පැරෂුට් අනතුරකින් හමුදාවේ 4 ක් රෝහලට

(ඔගස්ටා පෙරේරා)


නිදහස් දින පෙරහුරුව සඳහා සහභාගී වූ ආරක්ෂක අංශ සාමාජිකයින් සිව්දෙනෙකු පැරෂුට් සංදර්ශනයේ පෙරහුරුව අතරතුරදී බිමට ඇදවැටී තුවාල ලබා අද (30) පෙරවරුවේ  රෝහල් ගතකළ බව මහජන ආරක්‍ෂක අමාත්‍යංශය පැවසීය.
පැරෂුට් පෙරහුරුව අතරතුර ඉහළ අහසේදී පැරෂුට් දෙකක් එකිනෙක පැටලී අනතුර සිදුව ඇති බවත් ගුවන් හමුදාවේ පැරෂුට් භටයින් දෙදෙනෙක් සහ යුද හමුදාවේ පැරෂුට් භටයින් දෙදෙනෙක් අනතුරට පත්ව ඇති බවත් එම අමාත්‍යංශය කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.