ශ්රී ලංකා පිල සහ ඇෆ්ගනිස්තාන් පිල අතර එස්.එස්.සී. ක්රීඩාංගණයේදී පැවැත්වෙන ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (4) පස්වරුවේ ක්රීඩාව අවසන් වන විට ඇෆ්ගනිස්තානු පිල දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 199 ක් රැස්කිරීමට සමත්ව සිටියේය.
ඇෆ්ගනිස්තානු පිල ශ්රී ලංකාවට වඩා ලකුණු 42 ක් පමණක් පසු පසින් සිටියි.
ඊබ්රහිම් ශද්රාන් (නොදැවී 101) සහ රහමට් ෂා (නොදැවී 46) දෙවැනි කඩුල්ලට නොබිඳුණු ලකුණු 93 ක සම්බන්ධතාවක් පැවැත්වීමට සමත්ව සිටිති.
ශ්රී ලංකා පිලේ පළමු ඉනිම ලකුණු 439 කට සීමා වූ අතර ඒ අනුව ශ්රී ලංකාව පළමු ඉනිමේදී ලකුණු 241 ක වාසියක් ගැනීමට සමත් විය.
හෙට (5) තරගයේ සිවුවැනි දිනයයි.
ඇෆ්ගනිස්තානය පළමු ඉනිම ඕවර 62.4 කදී සියලු දෙනා දැවී 198
(නූර් අලී ශද්රාන් 31, රහමට් ෂා 91, හෂ්මතුල්ලා ශහිදි 17, ඉක්රම් අලිකිල් 21, කුයිස් අහමඩ් 21, අසිත ප්රනාන්දු 24/3, විශ්ව ප්රනාන්දු 51/4, ප්රභාත් ජයසූරිය 67/3)
ශ්රී ලංකාව පළමු ඉනිම ඕවර 109.2 කදී සියලු දෙනා දැවී 439
(නිශාන් මධුෂ්ක 37, දිමුත් කරුණාරත්න 77, ඇන්ජලෝ මැතිව්ස් 141, දිනේෂ් චන්දිමාල් 107, සදීර සමරවික්රම 27, චාමික ගුණසේකර 16, නිජාට් මෂූඩ් 76/2, නවීඩ් ශද්රාන් 83/4, කුයිස් අහමඩ් 98/2)
ඇෆ්ගනිස්තානය දෙවැනි ඉනිම ඕවර 75 කදී කඩුලු 1 ට 199
(ඊබ්රහිම් ශද්රාන් නොදැවී 101, නූර් අලී ශද්රාන් 47, රහමට් ෂා නොදැවී 46)


