(ඔගස්ටා පෙරේරා)
වෛද්යවරුන්ට වැඩිකළ ඩැට් දීමනාවට සාපේක්ෂව සෙසු සෞඛ්ය කාර්ය මණ්ඩලය සඳහා ආර්ථික යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලා සෞඛ්ය වෘත්තීය සමිති 72 ක් ක්රියාත්මක කරන වැඩවර්ජනය හෙට (15) පෙරවරු 6.30 ට තාවකාලිකව අත්හිටුවන බව සෞඛ්ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුකරු රවී කුමුදේෂ් මහතා අද (14) රාත්රී පැවසීය.
ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සෞඛ්ය අමාත්ය රමේෂ් පතිරණ මහතා සාකච්ඡාවක් දී ඇති බව කී රවී කුමුදේෂ් මහතා අද රාත්රී 7.00 ට රැස්වූ සෞඛ්ය වෘත්තීය සමිති සන්ධානයේ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව ද සඳහන් කළේය.


