තරුණියක් දූෂණය කළ තැපැල් සේවකයන් අත්අඩංගුවට

(ඔගස්ටා පෙරේරා)


විසිහය හැවිරිදි තරුණියක් තැපැල් සේවකයෙකුගේ නිවසකට ගෙන්වා රංචු ගැසී දූෂණය කළේ යැයි තැපැල් සේවකයින් සිව්දෙනෙක් රුවන්වැල්ල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
රුවන්වැල්ල තැපැල් කාර්යාලයේ සේවකයන් තිදෙනෙක් සහ ඉබුලාන තැපැල් කාර්යාලවල සේවකයෙක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බවත් කන්නන්තොට ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණිය පසුගිය සිකුරාදා මව සමඟ රුවන්වැල්ල නගරයේ පිහිටි තැපැල් කාර්යාලයට ගිය අවස්ථාවේදී එහි සේවකයෙක් ඇයව සමඟ සම්බන්ධ වී තිබේ.
තැපැල් කාර්යාලයේදී සහය දක්වා ඇති 27 හැවිරිදි සැකකාර තරුණයා උපකාරයක් අවශ්‍ය නම් කතා කරන්නැයි අදාල තරුණියට ඔහුගේ දුරකතන අංකය දී ඇයගේ දුරකතන අංකය ඉල්ලාගෙන ඇති බවත් පසුව එම තරුණයා තරුණිය සමඟ සුහදත්වයක් ඇති කරගෙන තරුණිය කන්නන්තොට නිවස වෙත ගෙන්වා ගෙන දූෂණයට ලක්කර ඇති බවත් පොලිසිය කියයි.
ඔහු රුවන්වැල්ල සහ ඉබුලාන තැපැල් කාර්යාලවල සේවය කරන මිතුරන් තිදෙනෙක් ද නිවසට ගෙන්වාගෙන ඇති බවත් අනතුරුව සිවුදෙනා තරුණිය වරින් වර දූෂණයට ලක්කර තිබෙන අතර බිය මත තරුණිය මේ බව කිසිවෙකුට හෝ පවසා නැති බවත් පොලිසිය සඳහන් කරයි.
තරුණියගේ වැඩිමහල් සොහොයුරාට මේ පිළිබඳව දැනගන්නට ලැබීමෙන් පසුව ඇය සියල්ල පැවසීමෙන් පසුව තරුණියගේ මව රුවන්වැල්ල පොලිසියට ද පැමිණිලි කළ බව කී පොලිසිය තරුණිය වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල්ගත කළ බව ද සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.