(අනුෂ්ක ගීතාංජන)
එළෙඹන මහ මැතිවරණය සඳහා ශ්රී ලංකා පොදුජන පෙරමුණ ඉතා ශක්තිමත්ව මුහුණ දෙමින් රට ජයග්රහණය කරා මෙහෙයවන බව පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා අද (31) පෙරවරුවේ පැවසීය.
පක්ෂයේ ජාතික සංවිධායක හිටපු අමාත්ය බැසිල් රාජපක්ෂ විදේශගතව සිටින බැවින් පක්ෂයේ වගකීම භාර ගන්නේ දැයි මාධ්යවේදීන් කළ විමසීමට පිළිතුරු දෙමින් මන්ත්රීවරයා ඒ බව ප්රකාශ කළා.
කෙසේ වෙතත් අවස්ථාවාදී ලෙස පක්ෂයේ ප්රතිපත්ති වෙනස් නොකරන බව ද පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් කීය.


