ෂෙනික ගමගේ, එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ සිට..)
ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අද (2) ආරම්භ වූ ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්තානු පළමු ඉනිම ලකුණු 198 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ තේ විවේකයන් පසුව සමත් වූහ.
වමතින් වේග පන්දු යවන විශ්ව ප්‍රනාන්දු ශ්‍රී ලංකා පිලේ සාර්ථකම පන්දු යවන්නා බවට පත්වෙමින් ලකුණු 51 කට කඩුලු 4 ක් දවාගැනීමට සමත් විය.
රහමට් ෂා අනගි ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 139 කදී හතරේ පහර 13 ක් සමගින් 91 ක් ලබා සිටියදී ප්‍රභාත් ජයසූරියගේ පන්දුවක් හමුවේ දැවී ගියේය.
ශ්‍රී ලංකා පිලේ නායක ධනංජය ද සිල්වා කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට ඇෆ්ගනිස්ථානයට ආරාධනා කළේය.
දකුණතින් වේග පන්දු යවන 24 හැවිරිදි චාමික ගුණසේකර මෙහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් හිමිකරගත් අතර චාමික ගුණසේකර, ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ 165 වැනි ක්‍රීඩකයා බවට පත්විය.
ඇෆ්ගනිස්තානු පිල පළමු ඉනිම ඕවර 62.4 කදී සියලු දෙනා දැවී 198
(නූර් අලී ශද්‍රාන් 31, රහමට් ෂා 91, හෂ්මතුල්ලා ශහිදි 17, ඉක්‍රම් අලිකිල් 21, කුයිස් අහමඩ් 21, අසිත ප්‍රනාන්දු 24/3, විශ්ව ප්‍රනාන්දු 51/4, ප්‍රභාත් ජයසූරිය 67/3)


