(ඔගස්ටා පෙරේරා)
බෙලිඅත්තේදී අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුලු පස් දෙනෙක් ඝාතන කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැළසුම්කාරිය යැයි කියන නාවික හමුදා විශ්‍රාම සෙබලකුගේ බිරිඳ සහ පියා අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.
එම දෙපළ පල්ලෙවල ප්‍රදේශයේ සැඟව සිටියදී පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත් බව ද පොලිසිය කීය.
මෙම ඝාතනයේ ප්‍රධාන වෙඩික්කරු 39 හැවිරිදි අදාල හිටපු නාවික හමුදා සෙබලා බවත් ඝාතනය සැළසුම් කිරීම සහ එයට සහය දැක්වීමේ චෝදනාවට ඔහුගේ බිරිඳ සහ පියා අත්අඩංගුවට ගත් බවත් පොසිලිය කීය.
අදාල සැකකාරිය සහ සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී හෙරොයින් ග්‍රෑම් 21 කට අධික ප්‍රමාණයක් ද සොයාගත් බව ද පොලිසිය පැවසීය.


