(ෂෙනික ගමගේ, එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ සිට..)
ශ්‍රී ලංකා පිල සහ ඇෆ්ගනිස්තාන් පිල අතර එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අද ඇරඹු ටෙස්ට් තරගයේ පළමු දිනය අවසන් වන විට ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට කිසිවෙක් නොදැවී ලකුණු 80 ක් රැස්කිරීමට සමත්ව සිටියේය.
ඒ වන විට නිශාන් මධුෂ්ක සහ දිමුත් කරුණාරත්න නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.
පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්තානු පිල ලකුණු 198 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.
වමතින් වේග පන්දු යවන විශ්ව ප්‍රනාන්දු ලකුණු 51 කට කඩුලු 4 ක් දවාගත්තේය.
රහමට් ෂා පන්දු 139 කින් හතරේ පහර 13 ක් සමගින් ලකුණු 91 ක් රැස් කරමින් ඇෆ්ගනිස්තාන් ඉනිමේ ඉහළ ලකුණු ලාභියා බවට පත්විය.
ශ්‍රී ලංකා පිලේ නායක ධනංජය ද සිල්වා කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීම ඇෆ්ගනිස්තානු පිලට පැවරීය.
දකුණතින් වේග පන්දු යවන 24 හැවිරිදි චාමික ගුණසේකර මෙහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් හිමිකරගත් අතර චාමික ගුණසේකර, ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ 165 වැනි ක්‍රීඩකයා බවට ද පත්විය.
ඇෆ්ගනිස්තානය පළමු ඉනිම ඕවර 62.4 කදී සියලු දෙනා දැවී 198
(නූර් අලී ශද්‍රාන් 31, රහමට් ෂා 91, හෂ්මතුල්ලා ශහිදි 17, ඉක්‍රම් අලිකිල් 21, කුයිස් අහමඩ් 21, අසිත ප්‍රනාන්දු 24/3, විශ්ව ප්‍රනාන්දු 51/4, ප්‍රභාත් ජයසූරිය 67/3)
ශ්‍රී ලංකාව පළමු ඉනිම ඕවර 14 කදී කිසිවකු නොදැවී 80
(නිශාන් මධුෂ්ක නොදැවී 36, දිමුත් කරුණාරත්න නොදැවී 42)


