ඇෆ්ගනිස්තානයට ලකුණු 382 ක ඉලක්කයක්  


(ෂෙනික ගමගේ, පල්ළෙකැලේ ක්‍රීඩාංගණයේ සිට..)


ඇෆ්ගනිස්තානු පිලට එරෙහිව මහනුවර, පල්ළෙකැලේ ක්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ඕවර 50 අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 381 ක් රැස්කළේය.
මෙම ලකුණු 381 ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ඉනිමක ඉහළතම සිවුවැනි ලකුණු සංඛ්‍යාව වන අතර ශ්‍රී ලංකාව මීට පෙර නෙදර්ලන්තය (443), ඉන්දියාවට (411) සහ කෙන්යාව (398) යන රටවල්වලට එරෙහිව ලකුණු 381 කට වැඩි ලකුණු රැස්කර තිබේ.  
පැතුම් නිස්සංක විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 139 කින් හතරේ පහර 20 ක් සහ හයේ පහර 8 ක් සමගින් ඉතිහාසගත ලකුණු 210 ක් නොදැවී රැස්කිරීමට සමත් විය.
අවිෂ්ක ප්‍රනාන්දු පන්දු 88 කින් හතරේ පහර 8 ක් සහ හයේ පහර 3 ක් සමගින් ලකුණු 88 ක් රැස් කළ අතර පැතුම් සහ අවිෂ්ක පන්දු 158 කින් ලකුණු 182 ක ආරම්භක සම්බන්ධතාවක් පැවැත්වූහ.
ශ්‍රී ලංකා පිල ඕවර 50 යේදී කඩුලු 3 ට 381
(පැතුම් නිස්සංක නොදැවී 210, අවිෂ්ක ප්‍රනාන්දු 88, සදීර සමරවික්‍රම නොදැව 44, ෆරීඩ් අහමඩ් 79/2, මොහොමඩ් නබී 44/1)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.