(ජනක කරුණාසේකර)
මාස හතකට අධික කාලයකට පසුව ඇමෙරිකානු ඩොලරයට නිරූපිත විනිමය අනුපාතිකයේ අඩුම අගය අද සටහන් වූ බවත් ඩොලරයක රුපියල් වටිනාකම අද දිනයේ 311.11 ක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේය.
අද දිනයේ ඇමරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 306.08 ක් සහ විකුණුම් මිල රුපියල් 315.85 ක් බව ද ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
පසුගිය වසරේ (2023) ජූලි 6 වැනිදා සටහන් වූ ඩොලරයේ අගය රුපියල් 316 මීට පෙර ආසන්නතම අඩුම අගය වේ.


