අනුර කුමාර දෙළොවක් අතර


(අනුෂ්ක පීරිස්)
බලය ලබාගැනීම සහ  බලය ලබාගත්තාට පසුව රට ගොඩනැගීම යන අභියෝග දෙකට  
ජාතික ජනබලවේගය මුහුණදී සිටින බව එම පක්‍ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසයි.
ජාතික ජන බලවේගයේ බැංකු සහ මූල්‍ය සංසදයේ කොළඹ දිස්ත්‍රික් සමුළුව අමතමින් අනුර කුමාර දිසානායක මහතා එසේ කීය.
අභියෝග දෙකක් තිබුණ ද බලය ලබාගැනීමේ මාවතේම රට ගොඩනැගීමේ මාවත ඇති බවත් පසුගිය කාලවල අපේ රටේ බලය ලබාගැනීම සඳහා එක මාවතකුත් රට ගොඩනැගීම සඳහා තව මාවතකුත් තෝරාගත් බවත් අනෙකාට එරෙහිව මෙරට ආණ්ඩු මාරුවීමේ සම්ප්‍රදායක් පැවැති බවත් ඒ මහතා සඳහන් කළේය.
2005 ආණ්ඩුව උතුරේ දෙමළ ජනතාවට එරෙහිව ගොඩනැඟුණු අතර 2010 යුද ජයග්‍රහණයත් සමඟ අනෙකාට එරෙහිව ආණ්ඩුව ගොඩනැගුණු බව කී අනුර කුමාර දිසානායක මහතා 2019 මුස්ලිම් ජනතාවට එරෙහිව මතයක් ගොඩනඟා ආණ්ඩුවක් පිහිටුවූ බව ද සඳහන් කළේය.
එවැනි ආකාරයේ ආණ්ඩු පිහිටුවීම ආසාර්ථක යැයි මේ වන විට ඔප්පු වී ඇති බවත් සමස්ත ජනතාව  සමගි කරන මාවතකින් රට පරිවර්තනයක් කළ යුතු බවත් ඒ මහතා වැඩි දුරටත් පැවසීය. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.