(ඔගස්ටා පෙරේරා)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම සහ පින්නදූව අතර ප්‍රදේශයේ මාර්ගයේ අලුත්වැඩියා කටයුතු කරමින් සිටි සේවකයන් දෙදෙනෙක් ලොරි රථයකට යටවීමෙන් අද (27) පෙරවරුවේ මියගිය බව පොලිසිය පැවසීය.
මාතර දෙසට ධාවනය වෙමින් තිබූ ලොරි රථයක සේවකයන් ගැටී ඇති බවත් ඔවුන් කොන්ත්‍රාත් පදනම මත සේවයේ යොදවා සිටි සේවකයන් බවත් පොලිසිය සඳහන් කරයි.



