ශ්‍රී ලංකා පිලෙන් බංග්ලාදේශයට ‘පොඩි විහිළුවක්’


(ෂෙනික ගමගේ)
ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ බංග්ලාදේශ එරෙහිව විස්සයි20 තරගාවලිය ජය ලබා ශූරතා කුසලාන ගැනීමෙන් පසුව සමූහ ඡායාරූපයට පෙනී සිටිමින් දැක්වූ ප්‍රතිචාරයට බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සහ ප්‍රේක්‍ෂකයන්ගේ සිත රිදී ඇතැයි වාර්තා වේ.
එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඉන්දියාවේදී පසුගිය වසරේ පැවැති ලෝක කුසලාන තරගාවලියේදී ඇන්ජලෝ මැතිව්ස් පන්දුවට පහර දීමට ප්‍රමාදවූවා යැයි දවාගත් සිද්ධිය සිහිකරමින් වේලාව බලන ආකාරය ප්‍රදර්ශනය කළහ.
ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වේලාව බලන ආකාරය ප්‍රදර්ශනය කිරීම බංග්ලාදේශ මාධ්‍ය දැඩිව විවේචනය කර තිබූ අතර බංග්ලාදේශ නායකයා මාධ්‍ය හමුවේදී ද ඒ පිළිබඳව පවසා තිබුණි.
දෙරට අතර තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ  සිලාත්හිදී අද (9) පැවති තුන්වෙනි සහ අවසන් විස්සයි20 තරගයෙන්  ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු 28 ක පහසු ජයක් ලැබීමට සමත් වූහ.
මෙම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකාව 2-1 ක් ලෙස තරගාවලියේ ජය ද හිමිකරගත්තේය.
යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 20 කට කඩුලු පහක් දවාගනිමින් තරගයේ වීරයා ලෙස සම්මාන හිමිකර ගත් අතර එහිදී නුවන් තුෂාර කඩුලු ත්‍රිත්වයක් ද දවාගැනීමට සමත් විය.
ශ්‍රී ලංකා පිල ඕවර 20 කදී කඩුලු 7 ට 174
(කුසල් මෙන්ඩිස් 86, වනිදු හසරංග 15, දසුන් ශානක 19, ටස්කින් අහමඩ් 25/2, රිෂාඩ් හොසේන් 35/2)
බංග්ලාදේශ පිල ඕවර 19.4 කදී සියලු දෙනාදැවී 146
(මෙහෙදී හසන් 19, රිෂාඩ් හොසේන් 53, ටස්කින් අහමඩ් 31, නුවන් තුෂාර 20/5, වනිදු හසරංග 32/2)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.