ජේලර්ගේ නිවසට මල්වඩමක්


(ඔගස්ටා පෙරේරා)
ගාල්ල බන්ධනාගාරයට විසිකළ තහනම් ද්‍රව්‍ය පාර්සලයක් අත්අඩංගුවට ගත් ජේලර්වරයකුගේ අම්බලන්ගොඩ ප්‍රදේශයේ නිවස ඉදිරිපිට මල්වඩමක් තැබීම පිළිබඳව පොලිසියට පැමිණිලි කර තිබේ.
අදාල ජේලර්වරයා තහනම් පාර්සලය ඊයේ (17) අත්අඩංගුවට ගෙන ඇති අතර අද (18) පෙරවරුවේ ජේලර්වරයාගේ පුද්ගලික නිවසේ දොර විවෘත කරන අවස්ථාවේදී නිවස ඉදිරිපිට මල්වඩමක් සහ ඉටිපන්දමක් තබා ගොස්  තිබේ.
 එම සිද්ධිය ජේලර්වරයා අම්බලන්ගොඩ පොලිස් ස්ථානයට පැමිණිලි කර ඇත.
ගාල්ල බන්ධනාගාරයේ තාප්පයට පිටතින් කිසියම් පුද්ගලයෙකු එහි බන්ධනාගාර රෝහල පරීශ්‍රයට විසිකළ තහනම් ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් එහි රාජකාරී කළ ජේලර්වරයා අත්අඩංගුවට ගෙන ඇති අතර එම පාර්සලය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී පාර්සලය වැටී තිබු ස්ථානය අසලින් බන්ධනාගරගත සැකකරුවෙක් සැරිසරා ඇති බව ද වාර්තා වේ.  
එම රැඳවියා බන්ධනාගාරය තුළ මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සහ තහනම් ද්‍රව්‍ය බන්ධනාගාරය තුළට ගෙන්වා ගන්නා බවට තොරතුරු ලැබී ඇති අයෙක් වීම නිසා ඔහුගෙන් ප්‍රශ්න කර තිබේ.
අදාල සිද්ධිය සම්බන්ධයෙන්  ජේලර්වරයෙකු යොදවා විමර්ෂණයක් ආරම්භ කළ බවත් අදාල සැකකරු වෙනත් බන්ධනාගාරයකට මාරු කළ බවත් මෙම සිද්ධිය පිළිබඳව කළ විමසුමකදී බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා පැවසීය.  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.