(ඔගස්ටා පෙරේරා)
ඔටෝ ඩීසල් සහ ඔක්ටේන් 92 පෙට්‍රල් මිල සංශෝධනය නොකරන බව ලංකා ඛනිජ සංස්ථාව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය.
ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක මිල රුපියල් 371 ක සහ ඩීසල් ලීටරයක මිල රුපියල් 363 ක තව දුරටත් පවතින බවත් එම සංස්ථාව කීය.
සෙසු ඉන්ධන වර්ග තුනේ මිල අද (31) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දමන බවත්
ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක මිල රුපියල් 7 කින්, සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 72 කින් සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 12 කින් අඩු කළ බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව පැවසීය.
එම මිල පහළ දැමීත් සමඟ ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක නව මිල රුපියල් 440 ක්, ලංකා සුපර් ඩීසල් ලීටරයක නව මිල රුපියල් 386 ක් සහ භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 245 බවට පත්වූ බව ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කළේය.


