(ඔගස්ටා පෙරේරා)
ශ්රී ලංකාව වර්තමානයේ ඉරානයෙන් ඉන්ධන මිලදී නොගන්නා බවත් ඉරානය සහ ඊශ්රායලය අතර මේ වන විට නිර්මාණය වී ඇති යුධමය තත්වයෙන් මෙරට ඉන්ධන සැපයුමට බලපෑමක් නොමැති බවත් විදුලිබල හා බලශක්ති අමාත්ය කාංචන විජේසේකර මහතා කීය.
ඉරානයට පනවා ඇති සම්බාධක හේතුවෙන් ඉරානයෙන් ඉන්ධන මිලදී නොගත්ත ද මීට පෙර ගත් ඉන්ධන වෙනුවෙන් ශ්රී ලංකාව ගෙවීම් තව දුරටත් කරන බව ද අමාත්යවරයා සඳහන් කළේය.


