ලිට්‍රෝ ගෑස් මිල තවත් බස්සයි


(ඔගස්ටා පෙරේරා)
ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 175 කින් අඩු කිරීමට තීරණය කළ බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා මීට සුළු මොහොතකට පෙර පැවසීය.
කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 70 කින් ද, කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල රුපියල් 32 කින් ද, පහළ දැමූ බවත් නව මිල අද (3) මාධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන බවත් මුදිත පිරිස් මහතා කීය.
එම මිල පහළ දැමීමත් සමග කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල්  3940 ක් දක්වා ද, කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 1582 ක් දක්වා ද, කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල රුපියල් 740 දක්වා ද පහළ වැටුණු බවත් මුදිත පීරිස් මහතා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.