ඩයනා කුමන්ත්‍රණයක් ගැන කියයි


(සාලිය සමන්)
වෛරී දේශපාලනය ජයගත් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් කිරීමට කුමන්ත්‍රණයක් පැවැති බවත් සමඟි ජන බලවේගයේ හිටපු ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය අද (9) පස්වරුවේ පැවසුවාය.
තම නිර්දෝෂිභව ඉදිරියේදී ඔප්පු කරන බවත් සිය දේශපාලන මෙතතින් නවතින්නේ යැයි කුමන්ත්‍රණකරුවන් බලාපොරොත්තු වන්නේ නම් ඔවුන්ට වැරදී ඇති බවත් ඇය සඳහන් කළාය.
තමන් ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් හෝ ද්විත්ව පුරවැසියෙක් නොවන්නේ යැයි කියන නිසා එංගලන්තයේ මහ රැජිනගේ කවුරු හරි එහෙ පුරවැසියෙක් ලංකාවට පැමිණ පක්‍ෂයක් හදලා නමක් දාලා එහි මහ ලේකම් වී පසුව කිසිවෙක්ට ඒ පක්‍ෂය පවරනවා නම් එය නීත්‍යානුකූල ද යන ප්‍රශ්නය මතු කරන බවත් සමඟි ජනබලවේගව වී තිබෙන අපේ ජාතික පෙරමුණ පැවරුවේ තම අස්සනින් බැවින් එම පක්‍ෂය නීත්‍යානුකූල ද යන ගැටලුව මතු වන බවත් ඇය කීය.  
කොළඹදී අද (9) පස්වරුවේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් හිටපු රාජ්‍ය ඇමතිනියක් ද වන ඩයනා ගමගේ මහත්මිය එසේ කීවාය. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.