කොටුව දුම්රිය ස්ථානයේ ජන ගඟක්


(සාලිය සමන්)
දුම්රිය රියදුරන් පිරිසක් ඊයේ (6) මධ්‍යම රාත්‍රියේ ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් දුම්රිය ගමන් වාර 100 කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කිරීමට සිදුවීමෙන් මගීන් ජනතාව මේ වන විට දැඩි අපහසුතාවට පත්ව සිටිති.
සේවා නිම කර නිවෙස් බලායෑමට දුම්රිය ස්ථානවලට පැමිණි ජනතාවට දුම්රිය නොමැතිවීමෙන් මේ වන විට දුම්රිය ස්ථානවල විශාල ජනතාවක් රැස්ව සිටිති.
කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවල විශාල ජනතාවක් මේ වන විට රොක්ව ඇති බවත් ජීවිත අවදානම ද නොතකා ජනතාව වරින්වර ධාවනය කරන දුම්රියේ එල්ලී යන ආකාරයක් ද දැකගත හැකිය. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.