දුම්රිය  රැසක් ධාවනයේ


(සාලිය සමන්)
ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස්   දුම්රිය රියදුරන් ක්‍රියාත්මක කර ඇති වැඩවර්ජනය හේතුවෙන් දුම්රිය ගමන් වාර රැසක් අවලංගු කළ ද සැලකිය යුතු දුම්රිය ගමන් වාර සංඛ්‍යාවක් පෙරවරුවේ ධාවනය කළ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවැසීය.
පිට පළාත්වල සිට කොළඹට පැමිණෙන දුම්රිය නියමිත පරිදි ධාවනය කළ බවත් කොළඹින් පිටත් වීමට නියමිතව තිබූ දුම්රිය රැසක් අවලංගු කළ බවත් එම නිලධාරියා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.