කොදෙව් ක්‍රීඩිකාවෝ 2-1කින් ශ්‍රී ලංකාව පරදවති

(ෂෙවෝන් ප්‍රනාන්දු, සූරියවැව ක්‍රීඩාංගණයේ සිට..)
බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැති තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල 1-2 ක් ලෙස පරාජයට පත්විය.
සූරියවැව, මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (28) පැවැති තෙවැනි සහ අවසන් තරගයෙන් කොදෙව් ක්‍රීඩිකාවෝ කඩුලු 6 ක ජයක් ලැබූහ.
කොදෙව් කාන්තා පිලේ මෙම සංචාරයේ ශ්‍රී ලංකා කාන්තා පිල එක්දින තරගාවලිය 3-0 කින් ජය ලැබීය.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල ඕවර 20 කදී කඩුලු 7 ට 141
(චමරි අතපත්තු 38, හර්ෂිතා සමරවික්‍රම 28, කවීෂා දිල්හාරි 26, නිලක්‍ෂි සිල්වා 12, අමා කාංචනා නොදැවී 19, අලියා ඇලෙයිනි 25/2, ඒ. ෆ්ලෙචර් 25/2)
බටහිර ඉන්දීය කොදෙව් කාන්තා පිල ඕවර 19.5 කදී කඩුලු 4 ට 142
(ස්ටෆානි ටේලර් 33, හේලි මැතිව්ස් 49, ෂෙමයිනි කැම්බල් නොදැවී 41, කවීෂා දිල්හාරී 27/2) 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.