ඉන්දියාව විස්සයි20 ක්‍රිකට් කිරුළ පළදී


(ෂෙවෝන් ප්‍රනාන්දු)
නවවැනි විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ඉන්දීය ක්‍රීඩකයෝ අද (29) රාත්‍රී සමත් වූහ.
ඉන්දියාව විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක ශූරතාව දිනූ දෙවැනි අවස්ථාව මෙය වීමද කැපී පෙනේ.
කොදෙව් දූපත්හි බාබඩෝස්හිදී අද (29)  පැවති අවසන් මහා තරගයේදී ඉන්දීය ක්‍රීඩකයෝ  දකුණු අප්‍රිකාව  ලකුණු  7 කින්   පරාජය කරමින් ශූරතාව දිනාගැනීමට සමත් වූහ.
ඉන්දියාව  ඕවර 20 කදී කඩුලු 7  ට 176
(විරාට් කෝලි 76, අක්ෂර් පටෙල් 47, ශිවම් ඩුබේ 27, කේෂව් මහරාජ් 23/2, ඇන්රික් නොර්ට්ජි 36/2)
දකුණු අප්‍රිකාව ඕවර 20 කදී කඩුලු 8 ට 169
(කුවින්ටන් ඩි කොක් 39, ට්‍රිස්ටන් ස්ටුබස් 31, හෙන්ද්‍රික් ක්ලාසීන් 52, ඩේවිඩ් මිලර් 21, අර්ෂ්දීප් සිං 20/2, ජස්ප්‍රිට් බුම්රා 18/2 හර්ද්‍රික් පාණ්ඩියා 20/3)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.