ක්‍රීඩා
ශ්‍රී ලංකාවෙන් නවසීලන්තයට ‘ෆුල්’ සුද්දයක්
(ෂෙනික ගමගේ)
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නවසීලන්තයට එරෙහිව පැවැති තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 2-0 කින් ජය ලැබීමට මීට සුළු මොහොතකට පෙර සමත් විය.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඉනිමකින් සහ ලකුණු 154 කින් ජය ලැබීමත් සමඟ සම්පූර්ණ තරගාවලිය ජය හිමිවිය.
පිට පිටම දෙවැනි වරටත් පන්දුවට පහර දුන් නවසීලන්ත පිලේ දෙවැනි ඉනිම තරගයේ සිවුවැනි දිනය වූ අද (29) දිවා විවේකයෙන් පසුව ලකුණු 360 කට සීමාවිය.
කෝඩුකාර නිෂාන් පීරිස් (170/6) සහ ප්‍රභාත් ජයසූරිය (139/3) නවසීලන්ත පිලේ විනාශකරුවන් බවට පත්වෙමින් කඩුලු 9 ක් බෙදාගැනීමට සමත් වූහ.
ප්‍රභාත් ජයසූරිය තරගාවලියේ වීරයා ලෙස ද, කමිඳු මෙන්ඩිස් තරගයේ වීරයා ලෙස ද, සම්මාන ලැබූහ.
ලකුණු පුවරුව
ශ්‍රී ලංකා පිල පළමු ඉනිම ඕවර 163.4 කදී කඩුලු 5 ට 602
(දිමුත් කරුණාරත්න 46, දිනේෂ් චන්දිමාල් 116, ඇන්ජලෝ මැතිව්ස් 88, කමිඳු මෙන්ඩිස් නොදැවී 182, ධනංජය ද සිල්වා 44, කුසල් මෙන්ඩිස් නොදැවී 106, ග්ලේන් පිලිප්ස් 141/3)
නවසීලන්ත පිල පළමු ඉනිම ඕවර 39.5 කදී සියලු දෙනාදැවී 88
(මිචෙල් සෑන්ටර් 29, නිෂාන් පීරිස් 33/3, ප්‍රභාත් ජයසූරිය 42/6)
නවසීලන්ත පිල දෙවැනි ඉනිම ඕවර 81.4 කදී සියලු දෙනා දැවී 360
(ඩෙවෝන් කොන්වේ 61, කේන් විලියම්සන් 46, ටොම් බ්ලන්ඩල් 60, ග්ලේන් පිලිප්ස් 78, මිචෙල් සෑන්ටර් 67, අජාස් පටෙල් 22, නිෂාන් පීරිස් 170/6, ප්‍රභාත් ජයසූරිය 139/3)


