දේශීය පුවත්, වාණිජ විත්ති
ආහාර ද්‍රව්‍ය 5 ක මිල බසී
(ඔගස්ටා පෙරේරා)
අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 5 ක මිල අඩු කළ බව ලංකා සතොස පැවසීය.
එම භාණ්ඩවල නව මිල අද (30) සිට ක්‍රියාත්මක බව ද සතොස කීය.
ලොකු ලූණු සහ පාන්පිටි කිලෝවක මිල රුපියල් 10 බැගින් අඩු කිරීමෙන් පසුව ලොකු ලූණු කිලෝවක නව මිල රුපියල් 220 ක් ද, පාන්පිටි කිලෝවක නව මිල රුපියල් 165 ක් ද, බව ද සතොස පවසයි.
සුදු සීනි කිලෝවක මිල රුපියල් 5 කින් අඩු කිරීමත් සමඟ එහි නව මිල රුපියල් 235 ක් ද, රතු පරිප්පු කිලෝවක මිල රුපියල් 3 කින් අඩු කිරීමත් සමඟ එහි නව මිල රුපියල් 285 ක් ද, ආනයනික සුදු කැකුළු කිලෝවක් රුපියලකින් අඩු කිරීමෙන් පසුව එහි නව මිල රුපියල් 209 ක් ක් ද බවට පත්වූ බව ලංකා සතොස වැඩි දුරටත් සඳහන් කළේය.


