දේශීය පුවත්, ප්‍රධාන පුවත
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා නැතිවෙයි
(සාලිය සමන්)
මෙරට ආරක්ෂක ක්ෂේත්‍රයේ ප්‍රධානම තනතුරක් වන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර තවදුරටත් පවත්වාගෙන යාමට බලාපොරොත්තු නොවන බව ආරක්ෂක ලේකම්, එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා මහතා පැවසීය.
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාගේ කාර්යයන් ඉටුකිරීමට ආරක්ෂක අමාත්‍යංශයට හැකියාව ඇති බවත් අවශ්‍යතාවයක් ඇතිවුවහොත් ඕනෑම අවස්ථාවක එම තනතුර නැවත පිහිටුවේ හැකි බවත් ආරක්ෂක ලේකම්වරයා කීය.
ඒ අනුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරට පුද්ගලයෙකු පත්කිරීමට තීරණය කර නොමැති බවද ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.


