දේශීය පුවත්, ප්‍රධාන පුවත, වාණිජ විත්ති
නාඩු වී කිලෝවකට රුපියල් 120 ක්
(ඔගස්ටා පෙරේරා)
මෙරට ජනතාව වැඩිම පරිභෝජනය කරන සහල් වර්ගය වන නාඩු සහල් නිෂ්පාදනය කරන නාඩු වී කිලෝවක් වී අළෙවි මණ්ඩලය රුපියල් 120 කට මිලදී ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය.
වී අළෙවි මණ්ඩලය සම්බා වී කිලෝවක් රුපියල් 125 කට සහ කීරි සම්බා වී කිලෝවක් රුපියල් 132 කට මිලදී ගන්නා බවත් ඕනෑම කෙනෙකුට ඊට වඩා වැඩි මිලට වී අළෙවි කිරීමේ හැකියාව ද ඇති බවත් අමාත්‍යවරයා කීය.
වී අළෙවි මණ්ඩලය මිලදී ගන්නා මිලට වඩා අඩු මිලට වී අළෙවි කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.


