කොළඹ ‘නොනිදන’ කොළඹ වෙයි

(විරාන් පෙරේරා) රාත්‍රී කාලයේ සංචාරකක ක්‍රියාකාරකම් ඉහල නැංවීම හරහා මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සමුද්‍රීය මාර්ගයේ රාත්‍රී යාමය:නොනිදන කොළඹ යන තේමාව යටතේ කොළඹ සමතුරිය මාර්ගය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ. එම ව්‍යාපෘතියෙන් කොල්ලුපිටිය දුම්රිය ස්ථානයේ සිට දෙහිවල දක්වා කිලෝමීටර 7.4 ක් පමණ වන කොළඹ සමුද්‍රීය මාර්ගය සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති අතර ගාලුමුවදොර සිට කොල්ලුපිටිය ශාන්ත තෝමස් ප්‍රාථමික විදුහල අතර මීටර 400ක පමණ කොටසට වැඩි අවධානය යොමු වී ඇතැයි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවේ සඳහන් වේ. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා කැබිනට් මණ්ඩලයට එම යෝජනාව ඉදිරිපත් කරකර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.