දේශීය පුවත්
තැපැල් සේවකයෝ වර්ජනයක් අරඹති
(සාලිය සමන්)
සියලුම තැපැල් කාර්යාලවල සේවකයන් සංකේත වැඩවර්ජනයක් ආරම්භ කරන බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය පැවසීය.
කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සංකේත වැඩවර්ජනය අද පස්වරු 4.00 ආරම්භ කරන බව කී තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය සභාපති ජී.ජී.සී. නිරෝෂණ මහතා සමස්ත වැඩවර්ජනය අද (28) මධ්‍ය රාත්‍රීයේ ආරම්භ කරන බව ද වැඩිදුරටත් සඳහන් කළේය.


