දේශීය පුවත්, ප්‍රධාන පුවත
විදුලි බිල සියයට 9 කින් ඉහළට?
(සජිත් චමින්ද)
විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ නිල නිවේදනය කොළඹ 3 පිහිටි මහජන උපයෝගිතා කොමිසමේ ප්‍රධාන කාර්යාලයේදී අද (11) පස්වරු 1.00 ට ප්‍රකාශ කරන බව මහජන උපයෝගිතා කොමිසම පැවසීය.
නව විදුලි ගාස්තුව මෙම මස (ජූනි) සිට ක්‍රියාත්මක වන බවත් ගාස්තු සංශෝධනය එක් එක් පාරිභෝගික කාණ්ඩය අනුව වෙනස් වන බවත් එම කොමිසම වැඩි දුරටත් සඳහන් කළේය.
ලංකා විදුලිබල මණ්ඩලය සියයට 18.3 ක විදුලි ගාස්තු ඉහළ දැමීමක් යෝජනා කර තිබූ අතර මහජන උපයෝගිතා කොමිසම සියයට 9 ගාස්තු ඉහළ යෑමක් පමණක් දීමට සූදානම් වන බව ද වාර්තා වේ.


