භාණ්ඩ – සේවා මිල ඉහළ යයි

(ඔගස්ටා පෙරේරා) මෙරට උද්ධමනය සියයට 0.6 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අද (23) නිවේදනය කළේය. ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව අප්‍රේල් මස උද්ධමනය සියයට සෘණ 0.8 ක්ව පැවැති බව ද එම දෙපාර්තමේන්තුව පවසයි.   අප්‍රේල් මාසයේ සියයට 2.9ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය මැයි මාසයේ සියයට 5.9 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් අප්‍රේල් මාසයේ සියයට සෘණ 3.7ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය මැයි මාසයේ සියයට සෘණ 3.4 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරයි. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.