ක්රීඩා
බංග්ලාදේශය කඩුලු 8 ට 220 යි
(ෂෙවෝන් ප්රනාන්දු, එස්.එස්.සී. ක්රීඩාංගණයේ සිට..)
ශ්රී ලංකාව සහ බංග්ලාදේශය අතර එස්.එස්.සී. ක්රීඩාංගණයේදී අද (25) ආරම්භ වූ දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්රිකට් තරගයේ පළමු දිනයේ ක්රීඩාව අවසන් කරන විට බංග්ලාදේශ පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 8 ක් දැවී ලකුණු 220 ක් රැස්කර සිටියේය.
පළමු දිනය වන අද (25) පස්වරුවේ අයහපත් ආලෝක තත්වය හේතුවෙන් ක්රීඩාව අවසන් කරන විට තයිජුල් ස්ලාම් (නොදැවී 9) සහ එබඩොට් හොසේන් (නොදැවී 5) පන්දුවට පහර දෙමින් සිටියහ.
ගාල්ලේදී පැවැති පළමු තරගයේ ඉනිම දෙකේදී ශතක දෙකක් රැස්කළ නායක නජ්මුල් හොසේන් ෂැන්ටෝ ලකුණු 8 කට දැවී ගියේය.
බංග්ලාදේශ පිල කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.
බංග්ලාදේශ පිල පළමු ඉනිම ඕවර 71 කදී කඩුලු 8 ට 220
(ශද්මාන් ස්ලාම් 46, මොමිනුල් හක් 21, මුෂ්ෆිකුර් රහීම් 35, ලින්ටන් දාස් 34, මෙහෙදි හසන් මිරාෂ් 31, නයීම් හසන් 25, අසිත ප්රනාන්දු 43/2, විශ්ව ප්රනාන්දු 35/2, සොනාල් දිනූෂ 22/2)


