කොළඹ වරායේ බහාලුම් රථ පෙරහැරක්

(සාලිය සමන්) කොළඹ වරාය තුළ බහාලුම් රථ තදබදයක් නිර්මාණය වෙමින් ඇති බව බහාලුම් රථ හිමියන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල මහතා අද (25) පැවසීය. කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් සනත් මංජුල මහතා අද (25) එසේ පැවසීය. රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කැබිනට් අනුකාරක සභාවේ නිර්දේශ පිළිනොපැදීම හේතුවෙන් මෙම තත්වය නිර්මාණය වී ඇති බව කී මංජු මහතා වරාය අධිකාරියට අයත් භූමියේම කොටසක් රේගුවට පවරා තදබදය අවම කිරීම සඳහා සියලු පහසුකම් සහිත භූමියක් වෙන්කරදී තිබුණ ද එම භූමියට එකඳු රථයක් මේ වන තෙක් ඇතුළත් කර නොමැති බව ද සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.