දේශීය පුවත්, ප්‍රධාන පුවත
දුම්රිය තාක්ෂණ ශිල්පී වර්ජනයක්
(ඔගස්ටා පෙරේරා)
දුම්රිය තාක්ෂණ ශිල්පීන් සහ දුම්රිය තාක්ෂණ ශිල්පී සහායකයන් ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් පැය 24ක සංකේත වැඩවර්ජනයක අද (26) පෙරවරුවේ ආරම්භ කළ බව ශ්‍රී ලංකා පොදුජන දුම්රිය සේවක සංගමයේ ලේකම් නදීර මනෝජ් මහතා පැවසීය.
අතිකාල දීමනා උසස්වීම ගැටලු ගැන ප්‍රධාන ගැටලුවලට විසඳුම් ඉල්ලා අද පෙරවරුවේ 7.00 සිට හෙට (27) පෙරවරු 7.00 දක්වා මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව මනෝජ් මහතා කීය.


