ක්රීඩා
බංග්ලාදේශය මාරුවේ වැටේ
(ෂෙවෝන් ප්‍රනාන්දු, එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ සිට..)
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය වූ අද (27) පස්වරුවේ ක්‍රීඩාව අවසන් කරන විට බංග්ලාදේශ පිල දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 6 ක් දැවී ලකුණු 115 ක් රැස්කර අසීරු තත්වයකට පත්ව සිටියේය.
කඩුලු 4 ක් පමණක් අතැතිව සිටින බංග්ලාදේශ පිල ඉනිම පරාජයෙන් ගැලවීමට තවත් ලකුණු 96 ක් රැස්කළ යුතුය.
තරගයේ තෙවැනි දිනය වූ අද පස්වරුවේ ක්‍රීඩාව අවසන් කරන විට ලින්ටන් දාස් නොදැවී ලකුණු 13 ක් රැස්කර සිටියේය.
තරගයේ දෙවැනි දිනය වූ ඊයේ පස්වරුවේ ක්‍රීඩාව අවසන් කරන විට කඩුලු 2 ක් දැවී ලකුණු 290 ක් රැස්කර සිටි ශ්‍රී ලංකා පළමු ඉනිම අද (27) ලකුණු 458 කට සීමාවිය. ශ්‍රී ලංකා පිල පළමු ඉනිමේ ලකුණු 211 ක වාසියක් ගැනීමට සමත් විය.
හෙට (28) තරගයේ සිවුවැනි දිනයයි.
ලකුණු පුවරුව
බංග්ලාදේශ පිල පළමු ඉනිම ඕවර 79.3 කදී සියලු දෙනා දැවී 247
(ශද්මාන් ස්ලාම් 46, මොමිනුල් හක් 21, මුෂ්ෆිකුර් රහීම් 35, ලින්ටන් දාස් 34, මෙහෙදි හසන් මිරාෂ් 31, නයීම් හසන් 25, තයිජුල් ස්ලාම් 33, අසිත ප්‍රනාන්දු 51/3, විශ්ව ප්‍රනාන්දු 45/2, සොනාල් දිනූෂ 22/3)
ශ්‍රී ලංකා පිල පළමු ඉනිම ඕවර 116.5 කදී සියල දෙනා දැවී 458
(පැතුම් නිස්සංක 158, ළහිරු උදාර 40, දිනේෂ් චන්දිමාල් 93, කමිඳු මෙන්ඩිස් 33, කුසල් මෙන්ඩිස් 84, තයිජුල් ස්ලාම් 131/5, නයිම් හසන් 87/3)
බංග්ලාදේශ පිල දෙවැනි ඉනිම ඕවර 38.4 කදී කඩුලු 6 ට 115
(එනමුල් හක් 19, නජ්මුල් හොසේන් ෂැන්ටෝ 19, මුෂ්ෆිකුර් රහීම් 26, ධනංජය ද සිල්වා 13/2, ප්‍රභාත් ජයසූරිය 47/2)


