ක්‍රීඩා
ශ්‍රී ලංකාව 2-1 කින් එක්දින තරගාවලිය ජය ලබයි
(ෂෙවෝන් ප්‍රනාන්දු, පල්ළෙකැලේ ක්‍රීඩාංගණයේ සිට..)
ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ බංග්ලාදේශයට එරෙහිව පැවති තරග තුනකින් සමන්විත එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය 2-1 ක් ලෙස ජය ලැබීමට මීට සුළු මොහොතකට පෙර සමත් වූහ.
ශ්‍රී ලංකා පිල මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී අද (8) රාත්‍රී පැවති අවසන් තරගයේදී ලකුණු 99 කින් බංලාදේශය පරාජය කිරීමටමට සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 286 ක ඉලක්කය හඹා ගිය බංග්ලාදේශ පිල ඕවර 39.4 කදී ලකුණු 186කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.
එහිදී අසිත ප්‍රනාන්දු සහ දුෂ්මන්ත චමීර කඩුලු තුන බැගින් දවාගැනීමට සමත් වූහ.
පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල වෙනුවෙන් කුසල් මෙන්ඩිස් නැවත වරක් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 114 කින් හතරේ පහර 18 ක් සමගින් ලකුණු 124 ක් රැස්කිරීමට සමත් විය.
නායක චරිත් අසලංක පන්දු 68 කදී හතරේ පහර 9 ක් සමගින් ලකුණු 58 ක් රැස්කළේය.
කුසල් සහ චරිත් සිව්වැනි කඩුල්ලට ලකුණ 124 ක සම්බන්ධතාවක් පවත්වමින් ප්‍රබල තත්වයකට රැගෙන ඒමට සමත් වූහ.
ශ්‍රී ලංකා නායක චරිත් අසලංක කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.
ලකුණු පුවරුව
ශ්‍රී ලංකා පිල ඕවර 50 යේදී කඩුලු 7 ට 285
(පැතුම් නිස්සංක 35, කුසල් මෙන්ඩිස් 124, කමිඳු මෙන්ඩිස් 16, චරිත් අසලංක 58, වනිදු හසරංග නොදෙවී 18, ටස්කින් අහමඩ් 51/2, මෙහෙදි හසන් මිරාෂ් 48/2)
බංග්ලාදේශ පිල ඕවර 39.4 කදී සියලු දෙනා දැවී 186
(පර්විස් හොසේන් එමෝන් 28, තන්ෂීඩ් හසන් 17, තවුහිඩ් රිඩෝයි 51, මෙහෙදි හසන් මිරාෂ් 28, ජේකර් අලී 27, අසිත ප්‍රනාන්දු 33/3, දුෂ්මන්ත චමීර 51/3, දුනිත් වෙල්ලාලගේ 33/2, වනිදු හසරංග 35/2)


