දේශීය පුවත්, ප්‍රධාන පුවත
‘A9’ සිසුන් 13,392 ක් ගනිද්දී, 10,000ක් සියලුම විෂයන් අසමත්
(ඔගස්ටා පෙරේරා)
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ (2024) ප්‍රතිඵල අනුව සියලුම විෂයන්වලට ‘ඒ’ සමාර්ථ එනම් ‘ඒ’ 9 ක් ලබාගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 13,392 ක් සහ සියලුම විෂයන් අසමත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සංඛ්‍යාව 10,000 ක් පමණ බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි මහත්මිය අද (11) පැවසුවාය.
මෙවර විභාගයෙන් සිසුන් 237,026 ක් හෙවත් සියයට 73.45 ක් උසස් පෙළ හැදෑරීමට සුදුසුකම් ලබා සිටින බව ද විභාග කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කළාය.
‘ඒ’ සමාර්ථ 9 ක් ලබාගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ප්‍රතිශතය සියයට 4.15 ක් බවත් සියලුම විෂයන් අසමත් ප්‍රතිශතය සියයට 2.34 ක් බවත් ඇය කීවාය.
දකුණු පළාතේ සියයට 75.64 ක විභාගය සමත් වෙමින් වැඩි ප්‍රතිශතය වාර්තා කළ පළාත බවට පත්ව ඇති බවත් බස්නාහිර පළාතේ සියයට 74.47 ක්, නැගෙනහිර පළාතේ සියයට 74.26 ක්, මධ්‍යම පළාතේ සියයට 73.91 ක්, සබරගමුව පළාතේ සියයට 73.44 ක්, ඌව පළාතේ සියයට 73.14 ක්, වයඹ සියයට 71.47 ක්, උතුරු මැද පළාතේ සියයට 70.24 ක් සහ උතුරු පළාතේ සියයට 69.86 ක් ලෙස සමත් ප්‍රතිශත වාර්තා කර ඇති බවත් ඉන්දිකා කුමාරි මහත්මිය කීවාය.
ගණිතය සියයට 69.07 ක්, විද්‍යාව සියයට 71.06 ක් සහ ඉංග්‍රීසි සියයට 73.82 ක් ලෙස ප්‍රධාන විෂයන් සමත්ව ඇති බවත් බුද්ධර්මය සියයට 83.21ක්, ශෛවනෙරි සියයට 82.96 ක්, කතෝලික ආගම සියයට 90.22ක්, ක්‍රිස්තියානි ආගම සියයට 91.49 ක්, ඉස්ලාම් ධර්මය සියයට 85.45 ක්, සිංහල භාෂාව හා සාහිත්‍ය සියයට 87.73 ක් සහ දෙමළ භාෂාව හා සාහිත්‍ය සියයට 87.03 ක් ආදී ප්‍රතිශතයකින් සිසුන් සමත්ව සිටින බවත් විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි මහත්මිය වැඩි දුරටත් සඳහන් කළාය.


