දුම්රිය රියදුරෝ වැඩවර්ජනයක් අරඹති

(සාලිය සමන්) හමුදා නිලධාරීන් පිරිසකට දුම්රිය රියදුරු පුහුණුව දීමට සූදානම්වීමට විරෝධය දක්වමින් ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස් යූනියන් දුම්රිය රියදුරන් අද (17) මාධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කරන බව එම සංගමයේ ලේකම් ඩී. සී. එදිරිසිංහ මහතා පැවසීය. දුම්රිය රියදුරු සේවයට බඳවාගත් නවක රියදුරන් සඳහා ප්‍රවාහන අමාත්‍යංශයේදී අද (17) පැවැති රැස්වීමකදී හමුදා නිලධාරීන් පිරිසක් ද දුම්රිය රියදුරු පුහුණුව ආරම්භ කරන්නේ යැයි හෙළිකිරීමත් සමඟ එම සාකච්ඡාව අසාර්ථක වූ බවත් ඒ අනුව එම සංගමයේ විධායක කමිටුව අද මාධ්‍යම රාත්‍රියේ සිට සියලුම දුම්රිය සේවාවලින් ඉවත්වීමේ වැඩවර්ජනයක් ආරම්භ කිරිමට තීරණය කළ බවත්  එදිරිසිංහ මහතා වැඩි දුරටත් සඳහන් කළේය. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.