ලිට්‍රෝ ගෑස් රුපියල් 300කින් නගී

(ඔගස්ටා පෙරේරා) ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300කින් ඉහළ දැමූ බව ලිට්‍රෝ ගෑස් සමාගම අද (10) රාත්‍රී නිවේදනය කළේය. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300 කින්ද, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 120 කින්ද, කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 56 කින්ද, ඉහළ දැමූ බවත් නව මිල අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බවත් එම සමාගම පැවසීය. මෙම මිල ඉහළ දැමීමත් සමග කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 3,990 ක්, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 1,602 සහ කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 750 ක් බවට පත් වූ බවද ලිට්‍රෝ සමාගම වැඩිදුරටත් කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.