(ෂෙනික ගමගේ)
නවවැනි විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ ඩලාස්හිදී අද (8) පෙරවරුවේ පැවති තරගයේදී බංග්ලාදේශ ක්‍රීඩකයෝ කඩුලු 2 කින් ශ්‍රී ලංකාව පරාජය කිරීමට සමත් වූහ.
ශ්‍රී ලංකාව මෙම පරාජයත් සමග ‘ඩී’ කාණ්ඩයේ පස්වැනි හෙවත් අවසන් ස්ථානයට පත්වූ අතර ශ්‍රී ලංකාව මෙම තත්වය යටතේ ‘සුපිරි 8’ වටයට සුදුසුකම් ලැබීමට නම් ඉතිරි තරග දෙකම ජය ලබා සෙසු කණ්ඩායම් අතර තරගවලදී විශේෂයෙන් විය යුතුය.
බංග්ලාදේශ පිතිකරුවෝ ලකුණු 125ක ජයග්‍රාහී ඉලක්කය ඕවර 19 කදී කඩුලු 8 ක් දැවී සම්පූර්ණ කළේය.
ලින්ටන් දාස් 36 සහ තව්හිඩ් හිඩෝයි 40 සිවුවැනි කඩුල්ලට ගොඩනැගූ ලකුණු 63 ක සම්බන්ධතාවය ශ්‍රී ලංකාවෙන් තරගය මෑත් කළේය.
නායක වනිඳු හසරංග යැවූ ඉනිමේ 12 වැනි ඕවරයේ පළමු පන්දු තුනට තව්හිඩ් හිඩෝයි ගැසූ හයේ පහර තුන ශ්‍රී ලංකා පරාජයේ තීරණාත්මක සාධකය බවට පත්විය.
නුවන් තුෂාර ඉනිම ආරම්භයේ මෙන්ම අවසානයේ ද අනගි පන්දු යැවීමක නිරත වෙමින් කඩුලු 4 ක් දවා ගැනීමත් සමග බංග්ලාදේශ පිලට පීඩනය යොමුවු සෙසු පන්දු යවන්නන් දුර්වල වීමෙන් පරාජය වැළඳ ගැනීමට සිදුවිය.
පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල වෙනුවෙන් පැතුම් නිස්සංක පන්දු 28 කින් හතරේ පහර 7 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 47 ක් රැස්කරමින් ඉහළතම ලකුණු ලාභියා බවට පත්විය.
නායක වනිඳු හසරංග පළමු පන්වෙන්ම දැවී යෑමත් මැද සහ පසු පෙළ පිතිකරුවන් අසාර්ථක වීමෙන් ලකුණු 124 කට සීමාවීමට සිදුවිය.
බංග්ලාදේශ නායක නජිමුල් හොසෙන් ශන්ටො කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා පිලට ආරාධනා කළේය.
ශ්‍රී ලංකා පිල ඕවර 20 කදී කඩුලු 9 ට 124
(පැතුම් නිස්සංක 47, ධනංජය ද සිල්වා 21, චරිත් අසලංක 19, ඇන්ජලෝ මැතිව්ස් 16, ටස්කින් අහමඩ් 25/2, මුස්ටෆිෂුර් රහමන් 17/3, රිෂාද් හොසේන් 22/3)
බංග්ලාදේශ පිල ඕවර 19 කදී කඩුලු 8 ට 125
(ලින්ටන් දාස් 36, තව්හිඩ් හිඩෝයි 40, මහුමුදුල්ලා නොදැවී 16, නුවන් තුෂාර 18/4, වනිඳු හසරංග 32/2, මතීෂ පතිරණ 27/1)


