‘කොවිඩ්’වලින් දෙදෙනෙක් මියයයි ?

(සජිත් චමින්ද) පැතිර යන්නේ යැයි කියන ‘කොවිඩ්’ ප්‍රභේදය ආසාදනය වීමෙන් මෙරට පුද්ගලයන් දෙදෙනෙක් මියගොස් ඇති බව වයඹ වෛද්‍ය පීඨයේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය දුෂාන්ත මැදගෙදර මහතා පැවසූයේ යැයි මාධ්‍ය වාර්තා පළවී තිබේ. මෙරට ස්වසන රෝගීන්ගෙන් සියයට 9 ත් – 13 ත් අතර සංඛ්‍යාවකට නව කොවිඩ් ප්‍රභේදය ආසාදනය වී ඇති අතර මෙම කොවිඩ් ආසාදනය වීමෙන් භයානක තත්වයන් ඉතාම අවම තත්වයක පවතින බවත් වයස අවුරුදු 65 ට වැඩි පුද්ගලයන් මෙම රෝගී තත්වයට පත්ව අසාධ්‍ය තත්වයට පත්විය හැකි බවත් මහාචාර්යවරයා පවසා තිබේ. රෝග වැළදුණු පසු අනවශ්‍ය කළබලවීමක් අවශ්‍ය නොවන අතර විශේෂිත කණ්ඩායම් මේ ගැන සැළකිලිමත් විය යුතු බව ද වයඹ වෛද්‍ය පීඨයේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ප්‍රධාන මහාචාර්ය දුෂාන්ත මැදගෙදර මහතා වැඩිදුරටත් පැවසූ බව ද කියවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.