කෙහෙළිය – බිරිඳ – දුව බන්ධනාගාරයට රැගෙන යයි

(ඔගස්ටා පෙරේරා) මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඇප නියම කළ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ සහ දියණියට ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් බන්ධනාගාරගත කළේය. කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය ඔවුන් ඇප මත මුදාහරිමින් එක් එක් සැකකරු රුපියල් 50,000 ක මුදල් ඇප සහ රුපියල් ලක්‍ෂ 50 බැගින් වූ ශරීර ඇප තුනක් නියම කළ මහෙස්ත්‍රාත්වරිය සැකකරුවන්ට විදේශ ගමන් තහනමක් ද පැනවූවාය. මෙම සැකකරුවන් අයතා ලෙස රුපියල් මිලියන 97.35 ක් උපයා ගැනීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ කළ විමර්ශනයකට අදාළව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසමේ නිලධාරීහු අධිකරණයට දැනුම් දුන්හ. සැකකරුවන්ගේ සැක කටයුතු ගනුදෙනු පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි අංශය අල්ලස් කොමිසමට වාර්තා කර තිබූ අතර ඒ අනුව මෙම විමර්ශනය කරන බව අල්ලස් කොමිසම වැඩි දුරටත් අධිකරණය දැනුවත් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.