එංගලන්තයට 3-0 පූර්ණ තරගාවලි ජයක්

(ෂෙවෝන් ප්‍රනාන්දු, පල්ළෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට..) සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහිව පැවති තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය 3-0 ක් ලෙස ජයගැනීමට අද (3) රාත්‍රී සමත් විය. පල්ළෙකැලේ ක්‍රිකට් ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී දෙරට අතර අද (3) පැවති තුන්වැනි සහ අවසන් විස්සයි20 තරගයෙන් එංගලන්ත ක්‍රීඩකයෝ ලකුණු 12 ක ජයක් ලැබීමට සමත් වූහ. ලකුණු 129 ක ජයග්‍රහ ඉලක්කය හඹාගේ ශ්‍රී ලංකා පිල ඕවර 19.3 කදී ලකුණු 116 කට සීමාවිය. පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත පිල ඕවර 20 අවසානයේ කඩුලු නවයක් දැවී ලකුණු 128 ක් රැස්කළේය. එහිදී ශ්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨතම වේගපන්දු යවන්නා වන දුෂ්මන්තත චමීර ලකුණු 24 කට කඩුලු පහක් දවා ගැනීම කැපීපෙනුණි. එංගලන්ත පිල ඕවර 20කදී කඩුලු 9 ට 128 (ජෝස් බට්ලර් 25, සෑම් කරන් 58, දුෂ්මන්ත චමීර 24/5, මතීෂ පතිරණ 27/2) ශ්‍රී ලංකා පිල ඕවර 19.3 කදී සියලු දෙනා දැවී 116 (පැතුම් නිස්සංක 23, කුසල් මෙන්ඩිස් 26, පවන් රත්නායක 13, කමිඳු මෙන්ඩිස් 14, ජනිත් ලියනගේ 17, ජේකොබ් බෙතෙල් 11/4, විල් ජැක් 14/3)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.