ප්‍රාණ ඇපයෙන් දරුවන් බේරාගනී


(සාලිය සමන්)
හංවැල්ල ජල්තර රාජ්‍ය සේවක නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි බිරිය ඝාතනය කිරීමට  ඊයේ (5) රාත්‍රී  අත්බෝම්බයක් රැගෙන පැමිණි සැමියා බව කියන පුද්ගලයා ප්‍රාණ ඇපයට ගෙන සිටි දරුවන් දෙදෙනා නිරුපද්‍රිතව බේරා ගත් බවත් අදාල පුද්ගලයා බෝම්බය සමඟ  අත්අඩංගුවට ගත් බවත් හංවැල්ල පොලිසිය පැවසීය.
එම දරුවන්ගේ පියා යැයි කියන සැකකරු පැය 10 කට ආසන්න කාලයක් දරුවන් ප්‍රාණ අපයට තබාගෙන සිටි බවත් එම කාලය තුළදී සැකකරු දරුවන්ට කිසියම් පානයක් ලබා දී ඇති බවත් පොලිසිය කීය.
ඒ හේතුවෙන් දරුවන් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.
පොලිස් විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිෂ්ක්‍රීය අංශය සහ හංවැල්ල පොලිසිය එක්ව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.