යාපනයේ බලය නැවත දෙමළ ජනතාව අතට යයි

(ඔගස්ටා පෙරේරා) ඉලංකෙයි තමිල් අරසු පක්ෂය යාපනය මහ නගර සභාවේ බලය අද (13) පිහිටුවීය. එම පක්‍ෂයේ සාමාජික විවේකානන්ද රාජා මදිවදනි යාපනය මහ නගර සභාවේ නගරාධිපතිනිය ලෙස තේරී පත්විය. නගරාධිපති ධුරය සඳහා පැවති ජන්දයේදී විවේකානන්ද රාජා මදිවදනි ඡන්ද 19 ක් හිමිකරගත්තාය. ඊපීඩීපී පක්ෂය, සමගි ජනබලවේගය සහ එක්සත් ජාතික පක්ෂය යන පක්ෂවල සහාය ඇයට හිමිවූවාය. මෙහිදී ජාතික ජනබලවේගය පක්ෂයේ මන්ත්‍රීවරු දසදෙනා ඡන්දය භාවිතා කිරීමෙන් වැළකී සිටියහ. ජාතික ජනබලවේගය පසුගිය මහ මැතිවරණයේදී යාපනය දිස්ත්‍රික්කය ද ජය ලබා දෙමළ ජනතාවගේ විශ්වාසය දිනාගත්ත ද පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජනබලවේගයට යාපනය මහ නගර සභාවේ බලය ගැනීමට නොහැකි විය. එම මැතිවරණයේදී ඉලංකෙයි තමිල් අරුසු කච්චි -සභිකයන් 13 ක්, සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය සභිකයන් 12 ක්, ජාතික ජන බලවේගය -සභිකයන් 10 ක්, ඊපීඩීපී – සභිකයන් 4 ක්, ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය සභිකයන් 4 ක්, එක්සත් ජාතික පක්ෂය – සහ සමගි ජනබලවේගය -සභික ධූරය බැගින් ද ලෙස සභික ධූර හිමිකරගත්තේය. මහ මැතිවරණයේදී යාපනය මහ නගර සභාව ද ඇතුළත් යාපනය මැතිවරණ කොට්ඨාසය ආණ්ඩු බලයේ සිටින ජාතික ජනබලවේගය -ඡන්ද 9,066 ක් ලබා ජය ලැබූ අතර ඉලංකෙයි තමිල් අසුරු කච්චි – ඡන්ද 2,582 ක් පමණක් ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.